Back

ⓘ වෛද්‍යවරයා. සම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු සලකන්නේ උගත් වෘත්තිකයන්ගේ සාමාජිකයෙකු වශයෙනි. එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ලබන අතිදුෂ්කර පුහුණුව නිසාවෙන් සහ ඔවුන්ගේ වෘත්ති ..



                                               

දරුවනේ

අබ්දුල් මලීක් පූජනී භාග්‍යා ජනක කුඹුකගේ - සමරසේකර කමලින් ද නිමේෂ්ක අනුර වරාගොඩ තිසුරි යුවනිකා - දුලානි කෝෂිලා කරුණාතිලක දුලීකා මාරපන - අංජුලා රයිනි විරංගා - චාරුණි නෙතික මෙත්නිදු සුපුන් සංජීව ත්‍රිශූණ පෙරේරා - සමන් දිලිප ජයසිංහ දිල්මිත් චතුමිණ සාගරිකා ධර්මපාල දිල්කි ප්‍රසාදි ප්‍රේමලාල් වීරසිංහ නවෝද්‍යා ලක්ෂාන් පවිත්‍රා වික්‍රමසිංහ කෝකිල පවන් ජයසූරිය - නදික මොන්ටේගු සරත්චන්ද්‍ර රශ්මිකා තරින්දි කලණ භානුක ශේම් සිල්වා රශ්මිතා තරින්දි පෝෂණී නදී කුමාරි ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා - රක්ෂිත උදේශ් උදයංගන නවිඳු භාෂිත චානක මධුෂාන් - උක්කුවා දේහාන් නිමේෂ් දුරුතු අභිෂේක් ගයනි කෞශල්‍යා - නංගි කසුනි කෞශල්‍ය ...

                                               

බුද්ධදාස රජු

බුද්ධදාස රජතුමා ‍Y.W.B. ආගමික කටයුතු සහ ශුභසාධන සේවාවන් මැනවින් ඉටුකළ බුද්ධදාස රජතුමා කිත්සිරිමෙවන් රජුගේ කණිටු සොහොයුරු දෙවන ජෙට්ටතිස්ස රජුගේ පුත්‍රයාය. ගුණාත්මක බව,ත්‍යාගශීලී බව,ශ්‍රද්ධාව මෙන්ම කරුණාව ආදි ගුණාංගයන්ගෙන් පිරිපුන් මේ නරපතියාට සිංහල රාජවංසයේ අද්විතීය ස්ථානයක් හිමි වේ. මෙතුමා වඩාත් ප්‍රකට වූයේ කෘතහස්ත වෛද්‍යවරයෙකු වශයෙනි තිරිසන් සතුන්ට පවා ඉතා කරුණාවෙන් ප්‍රතිකාර කළ බව මහාවංසයෙහි දක්වා ඇති පුවතකින් පැහැදිලි වේ. දිනක් රජතුමා මඟුලැතු පිට නැඟී නෑම සඳහා තිසාවැවට යමින් සිටියේය.එබඳු ගමනක් යන විට පවා බෙහෙත් හා වෙදකමට අවශ්‍ය සැන් ආදිය සිරිතක් වශයෙන් ගෙන ගියේය.මෙසේ යන අතරමඟ පුත්තභාග න ...

                                               

සෞඛ්‍යට අහිතකර දෑ

මාරාන්තිකයි. #නෙස්ලේ සමාගම පිළිගෙන ඇත ඔවුන් හරක් මස් වලින් ලබාගත් යුෂ චොකලට් කිට්කැට් වලට එකතු කරන බවයි. ____________________ #චෙන්නායි මහාධිකරණයේ පැවති නඩුවකදී ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සමාගම පිළිගත්තේ ක්‍රීම්වල ඌරු මේද අඩංගු තෙල් ඇති බවයි!! ____________________ #යුරෝපයේ රටවල් ගණනාවක වික්ස් තහනම් කර ඇත! එහිදී එය මන්දගාමී විෂ ලෙස ප්‍රකාශයට පත් කර ඇත! නමුත් අපේ රටේ එය මුළු දවසම රූපවාහිනියේ ප්‍රචාරණය වන බව අපට පෙනේ!! ____________________ #ලයිෆ් බෝයි යනු නාන සබන් හෝ වැසිකිළි සබන් නොවේ! නමුත් එය සතුන් ස්නානය කිරීම සඳහා භාවිතා කරන කාබොලික් සබන් වර්ගයකි! යුරෝපය බල්ලන් සඳහා ලයිෆ් බෝයි භාවිතා කරයි! අපේ ර ...

                                               

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වී ඇති ලිංගික අනාචාර චෝදනා

එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා ලෙසින් තෝරා ගන්නා ලද, ඇමරිකානු ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත, 1980 ගණන් වල සිට අඩුම වශයෙන් කාන්තාවන් පසළොස් දෙනෙකු වෙතින් හෝ, ලිංගික හිරිහැර කිරීම සහ ලිංගික අඩන්තේට්ටම් කිරීම චෝදනා එල්ලවී ඇත. මාධ්‍ය නැඹුරුව, කුමන්ත්‍රණ, සහ දේශපාලනමය මඩ ගැසීමේ මෙහෙයුමක ගොදුරු බවට ඔහු පත්වී ඇති බව පවසමින් ට්‍රම්ප් විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කෙරිණි. තමන් විසින් ඔවුන් ලිංගික හිරිහැර කිරීම් වලට හෝ ලිංගික අඩන්තේට්ටම් කිරීම වලට හෝ ලක් කල බවට ඉදිරිපත්වී චෝදනා ඉදිරිපත් කරන සියළු කාන්තාවන්ට එරෙහි අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවට ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර ඇත. මෙම චෝදන ...

වෛද්‍යවරයා
                                     

ⓘ වෛද්‍යවරයා

සම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු සලකන්නේ උගත් වෘත්තිකයන්ගේ සාමාජිකයෙකු වශයෙනි. එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ලබන අතිදුෂ්කර පුහුණුව නිසාවෙන් සහ ඔවුන්ගේ වෘත්තිය හා සම්බන්ධ විශේෂ ආචාර ධර්ම සහ නෛතික වගකීම් හේතුවෙනි.

වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රායෝගික ක්‍රම අතීතයේදී ආගම සහ විවිධ ඉන්ද්‍රජාලක්‍රම සමග සම්බන්ධතාවයක් පැවතිණි. වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නම් ලිපිය බලන්න

වෛද්‍යවරුන් පොදුවේ ඉහළ සමාජීය තත්වයක් අත් දකින අතර ඒ සදහා ඔවුන්ගේ ඉහළ සහ ස්ථාවර ආදායම් මාර්ගය හා වෘත්තීමය ආරක්ෂාව බලපානු ලබයි. කෙසේ නමුත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ අවස්ථාවලදී දවසේ වැඩි කාලයක් දීර්ඝ, අසීරු සේවා මුරයන් සිදු කරන අතර ඔවුන් තමන් තරම් අධ්‍යාපන මට්ටමක් නොලැබූ අනෙකුත් වෘත්තිකයන්ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ඇතැම් අවස්ථාවල දී උපයති.

                                     

1.1. අධ්‍යාපනය සහ පුහුණුව සියළුම වෛද්‍යවරුන්

සියළුම සංවර්ධනය වූ රටවල ඇතුළත් වීමේ මට්ටමෙන් වෛද්‍ය අධ්‍යාපන වැඩ සටහන් තෘතීයික මට්ටමේ පාඨමාලාවන් වන අතර ඒවා විශ්ව විද්‍යාල හා අනුබද්ධ වෛද්‍ය විද්‍යාල මගින් සිදු කරනු ලබයි. අධිකරණ බලය සහ විශ්ව විද්‍යාලය මත පදනම්ව වෛද්‍ය අධ්‍යාපනය සදහා ඇතුළු වීම සදහා සෘජුවම ද්විතීක විද්‍යාලයක් මගින් හෝ උපාධි ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයක් අවශ්‍ය වේ. ද්විතීක විද්‍යාලයක පුහුණුව සම්පුර්ණ කිරීම සදහා පොදුවේ වසර 5 ක් හෝ 6 ක කාලයක් ගත වන අතර උපාධි ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයක් ලබන්නේ නම් වසර 3 ක හෝ 4 ක කාලසීමාවක් ගත වේ. එමනිසා මූලික වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා සාමාන්‍යයෙන් අධිකරණ නීතිය හා විශ්ව විද්‍යාලය මත පදනම්ව වසර 5 හේ සිට 8 ක් අතර කාලයක් ගත වේ.

මෙලෙස ලැබූ මූලික පුහුණුව සම්පුර්ණ කිරීමෙන් පසුව අළුතින් උපාධි ලැබූ වෛද්‍යවරුන් සම්පුර්ණ වශයෙන් ලියා පදිංචි වීමට ප්‍රථම වසර 1 ක් හෝ 2 ක කාලයක් අධීක්ෂණය යටතේ සේවය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම කාලසීමාව" සීමාවාසික” හෝ" කොන්දේසි සහගත ලියාපදිංචි වීම” ලෙස හැදින්වේ.

වෛද්‍යවරුන් ඔවුන් උපාධි ලබන විශ්ව විද්‍යාලයට විශේෂිත වූ වෛද්‍ය උපාධියක් දරති. මෙම උපාධිය මගින් අදාල වෛද්‍යවරයා අදාල රටෙහි හෝ රටවල් කිහිපයක නීතියට අනුව ලියාපදිංචි වීම හෝ බලපත්‍ර ලබාගැනීමට සුදුසුකම් ලබයි. එහිදී ඔවුන් සීමාවාසික හෝ කොන්දේසි සහගත ලියාපදිංචි වීම යන පුහුණුව ලබාගත යුතු වේ.

                                     

1.2. අධ්‍යාපනය සහ පුහුණුව වෛද්‍ය විද්‍යාවේ විශේෂඥයින්

උපාධි ලබාගැනීමෙන් පසුව වෛද්‍ය වෘත්තිකයින් බොහෝ අවස්ථාවලදී විශේෂඥවරුන් වීම සදහා යම්කිසි ක්ෂේත්‍රයක වැඩි දුර පුහුණුව ලබා ගනිති. උතුරු ඇමරිකාවෙහි මෙය නේවාසික පුහුණුව නමින් හදුන්වන අතර පොදු රාජ්‍ය මණ්ඩල රටවල මෙලෙස පුහුණුවන වෛද්‍යවරුන්" රෙජිස්ටාර්” ලෙස හැදින්වේ.

මෙලෙස ලබාගන්නා වැඩි දුර පුහුණුව සඳහා සාමාන්‍යයෙන් වසර 3 ක් හෝ 6 ක් ගත වන අතර එම කාල සීමාව හදාරන ක්ෂේත්‍රය අනුව සහ අධිකරණ නීතිය අනුව වෙනස් වේ. ප්‍රාථමික සත්කාරය විශේෂ ක්ෂේත්‍රයක් ලෙස බහුලවම හදුනාගෙන ඇති අතර මේ පිළිබඳව ලබාදෙන නේවාසික වැඩසටහන් ද ප්‍රචලිතව පවතී. මෙම විශේෂ ක්ෂේත්‍රයන්හි පුහුණුව සම්පුර්ණ කරන වෛද්‍යවරයෙකු විශේෂඥ වෛද්‍යවරයෙකු නම් වේ.

ඇතැම් අවස්ථාවල දී විශේෂඥ පුහුණුව ලබාගැනීම ඇතුළත් වීමට අවශ්‍ය පුහුණුව සම්පුර්ණ කළ වහාම හෝ ඊට පෙර ආරම්භ කරනු ලැබේ. ඇතැම් නීතිවලට අනුව කණිෂ්ඨ වෛද්‍යවරුන් විශේෂඥ උපාධි ලබාගැනීමට ප්‍රථම වසරක හෝ දෙකක කාලයක් පොදුවේ පුහුණුවක් ලබාගත යුතුය. එබැවින් පවත්නා නීතියට අනුව වෛද්‍යවරයෙකු විශ්ව විද්‍යාලයක් තුළ වසර 5 හේ සිට 8 දක්වා කලයක් මූලික වෛද්‍ය පුහුණුව ලබා තවත් වසර 6 ක කාලයක් විශේෂඥවරයෙකු වීමට පුහුණුව ලබාගත යුතු බැවින් අවම වශයෙන් වසර 12 ක වත් කාලයක් ගත වීමෙන් පසුව ඔහු විශේෂඥවරයෙකු බවට පිළිගනු ලැබේ.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →