Back

ⓘ සාහිත්‍යය. යම්කිසි භාෂාවක් උපයෝග කරගෙන රසය ජනනය කරන කලාව සාහිත්‍ය ලෙස හැඳින්වෙයි ලොව මානව ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන මාධ්‍යයකි. සාහිත්‍යය නිර්මාණය, රස වින ..



                                               

ලතින් ඇමරිකානු සාහිත්‍යය

ලතින් ඇමරිකානු සාහිත්‍යය සමන්විත වන්නේ, බොහෝ භාෂා වලින්, විශේෂයෙන් ස්පාඤ්ඤ, පෘතුගීසි, සහ ඇමරිකාවන්හී ස්වදේශීය භාෂාවන් භාවිතයෙන් රචිත, ලතින් ඇමරිකාවෙහි වාචික සහ ලිඛිත සාහිත්‍යය වෙතිනි. ගෝලීය ලෙසින් විශේෂිත ප්‍රමුඛත්වයකට එය නැගී පැමිණියේ විසිවන සියවසෙහි දෙවන භාගයෙහිදී වන අතර, එයට බොහෝ ලෙසින් හේතු සාධක වූයේ මායී යථාර්තවාදය නමින් හැඳින්වෙන ශෛලීයයක් ජාත්‍යන්තර වශයෙන් සාර්ථකත්වය ලඟාකරගැනුමය. එබැවින්ම, මෙම ප්‍රදේශයෙහි සාහිත්‍යය බොහෝවිට සමිත වනුයේ මෙම ශෛලීය සමගිනි. බොහෝ සියවස් ගණනක් ඈත අතීතයට විහිදෙන සාරවත් හා සංකීර්ණ සාහිත්‍යමය සම්ප්‍රදායයක් මෙම සමිතය විසින් බොහෝ ලෙසින් අප්‍රකට කරනු ලැබ ඇත.

                                               

සංස්කෘත සාහිත්‍යය

සංස්කෘත භාෂාවෙන් වූ සාහිත්‍යය වේද සදහා ආරම්භවන අතර ඉන්දියාවේ වානේ යුගයේ සංස්කෘත මහා කාව්‍යය සමග ඉදිරියට ගලායයි. ආදි සම්භව්‍යය සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මුල් මධ්‍යතන යුගය දක්වා ඈතට දිවයයි. 1100 AD වලින් පසු හීන වී යාමට පෙර 11 වන සියවසේදී සාහිත්‍යමය නිර්මාණවල යම් වර්ධනයක් පෙන්වන ලදී‍. එය නැවත ඇති කිරීම සඳහා දීර්ඝ කාලීන උත්සාහයන් ක්‍රියාත්මක වේ. උදාහරණ ලෙස රචනා තරග පවත්වන මුළු ඉන්දියානු සංස්කෘත උත්සවය දැක්විය හැකිය. ආගමික සාහිත්‍යයවල බහුල භාවිතය මගින් වි‍ශේෂයෙන් හින්දු ආගම හා බොහොමයක් නූතන ඉන්දියානු භාෂා ඍජුවම මෙන් ව්‍යුත්පන්න වූ බවට හෝ අධික බලපෑමකට ලක් වූ බවට වූ සාක්ෂි මගින් හෙළිවන්නේ ...

                                               

මුඛ සාහිත්‍යය

මුඛ සාහිත්‍යය සාහිත්‍යය යන්න ලිඛිතමය අංගයක් වන බැවින් මුඛ සාහිත්‍යය. සාහිත්‍යයේ වාචික පැතිකඩ නිරූපනය කරයි. එය සංස්කෘතියේ මුලිකම අංගයක්ම නිරෑපණය කරයි. උගන්ඩානු විද්වතුන් වන Pio Zirimu පියෝ සිරිමු කථිකත්වය යන පදය ඉදිරිපත් කරන ලදි. නමුත් මුඛ සාහිත්‍යය අධ්‍යාපනික හා ප්‍රචලිත රචනා වල අන්තර්ගත වේ. ලිඛිතමය අංගයන්ගෙන් හෙබි නොවු සමාජයන්හි, අරථදැක්වීමෙන් ම ලිඛිත සාහිත්‍යයක් නොවීය. නමුත් සාර වු වාචික සාහිත්‍යයයෙන් යුතු විය හැක. ජන සංගීතය, ජන කථා ලිඛිතමය සාහිත්‍යයක් සහිත සමාජයන්හි වාචික සාහිත්‍යය සම්ප්‍රදායක් ලෙස පැවතිය හැක. මුලික වශයෙන් පවුල තුල හෝ විවිධ සමාජ කොටස් අතර වාචික සාහිත්‍යයට උදාහරණ ලෙස පුර ...

                                               

නේපාල සාහිත්‍යය

මෙය නේපාල භාෂාවෙන් රචිත සාහිත්‍ය සඳහා භාවිතා වේ. එය නේපාල ජාතිකයන් විසින් රචිත සාහිත්‍යයක් වීම අනිවාර්ය නොවන අතර එයට හේතුව වන්නේ ඉන්දියාවේ හා භූතානයේ ඇතැම් ප්‍රදේශවල එය පුළුල්ව භාවිතා වන බැවිනි. සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ නිල භාෂාව නේපාල භාෂාවයි. පරිජාත් වැනි ඉන්දියාව ඇතුළු වෙනත් රටවල්වලින් පැමිණි ලේඛකයන් නේපාල සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයන් වේ. නේපාලය තුළ ද මිතාලි, බෝච්කූරි, නේපාල් භාෂා ආදී ලෙස ව්‍යවහාර භාෂාවන්ගේ විවිධත්වයක් ඇත. නේපාල භාෂාව සංස්කෘත භාෂාවෙන් පරිණාමනය වූ අතර එහි පුරාතන ඉතිහාසය විස්තර කිරීම අසීරු වන්නේ බොහෝ පඬිවරුන් විශේෂයෙන්ම ආගමික සාහිත්‍යයට අදාලව සංස්කෘත භාෂාවෙ ...

                                               

රෝමානු සාහිත්‍යය

13 වන ශත වර්ෂයේදී ප්‍රංශ භාෂාව සාහිත්‍යමය භාෂාවක් ලෙස විශාල දියුණුවක් ලැබීය. ස්කොට්ලන්තයේ සිට පැමිණි සෙල්ටික නොවන පළමු ස්වභාෂා සාහිත්‍යය නිර්මාණය Romanstv Fergus ය. මීට අමතරව ආතුරීයන් චක්‍රයේ ප්‍රංශ භාෂාවෙන් රචිත හා ස්කොට්ලන්තයෙන් පිටත පමණක් සංරක්ෂිත කෘත්‍යයන් ඇතැම් අධ්‍යාපනඥයන් විසින් ස්කොට්ලන්තයේ රචිත කෘතීන් ලෙස උගන්වනු ලැබෙයි. ප්‍රංශ භාෂාවට අමතරව ලතින් භාෂාව ද සාහිත්‍යමය භාෂාවකි. ප්‍රසිද්ධ උදාහරණයන් වන්නේ Imchcolm atiphoner හා Carmen de morte sumerledi එය ගැස්ලෝ ජනතාවගේ Somailre Mac gilla brigte ට එරෙහිව ලැබු විජයග්‍රහණයෙන් පිනායමින් රචිත කෘත්‍යයන්ය. ස්කොට්ලන්තයේ මධ්‍යතන යුගයේ වැදගත්ම න ...

                                               

ප්‍රංශ හා කැනේඩියානු සාහිත්‍යය

ප්‍රංශ කැනේඩියානු සාහිත්‍යය ඉංග්‍රීසි සාහිත්‍යයෙන් පරිබාහිරව පරිණාමය විය. එම සාහිත්‍යය මව් සංස්කෘතියේ සම්බන්ධයකින් තොරව එයටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් සමන්විතව පරිණාමණය විය. 1802 දී පමණ කැනඩා පුස්තකාලයක් ඇරඹිණි. එය කැනඩාවේ පළමු පුස්තකාලය විය. එහෙත් බ්‍රිතාන්‍ය පුස්තකාලයක් ඇරඹූයේ එයට අවුරුදු දහසයකට පසුවය. මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ මෙම පුස්තකාලයේ භූමි විද්‍යාව, ස්වභාවික විද්‍යාව ආශ්‍රිත ලිපි සඳහා අසාමාන්‍ය නාම තිබීමය. අපරදිග හා උත්තර කැනඩාව එක් වීමෙන් මෙම පුස්තකාලයේ තිබූ කෘතීන් මොන්ට්‍රියෙල්හි කැනේඩියානු පාර්ලිමේන්තුවට ගෙඑන ලදී. 1845 අප්‍රේල් 25 වන දින යම් අසාමාන්‍ය සිදුවීමක් සිදුවිය. එනම ...

සාහිත්‍යය
                                     

ⓘ සාහිත්‍යය

යම්කිසි භාෂාවක් උපයෝග කරගෙන රසය ජනනය කරන කලාව සාහිත්‍ය ලෙස හැඳින්වෙයි ලොව මානව ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන මාධ්‍යයකි. සාහිත්‍යය නිර්මාණය, රස වින්දනය හා විචාරය යන ක්ෂේත්‍ර තුනකින් සමන්විත බව ඇතැම් විචාරකයෝ පවසති. රස වින්දනය සාහිත්‍යය පරිශීලනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභයකි. සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රඳා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රූ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛිත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ අර්ථ දැක්විම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අඳිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මඟ පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිළිබඳ අර්ථ දැක්වීමකි. එහෙත් සාහිත්‍යයට අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරුවම මෙම සීමා පසු කරයි.

රුසියානූ රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.

විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇඳි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුල් කර ඇත.

                                     

1. ඉතිහාසය

වෙනත් ඓතිහාසික සමයන්හිදි සාහිත්‍යයේ විවිධ මුහුණුවරයන් අවධාරණය කරනු ලබති. ආරම්භක කෘතින් හි බොහෝ විට විවෘත හෝ සැගවුණු උපදේශාත්මක අරමුණක් විය. සදාචාරයන් මත හෝ විධානාත්මක සාහිත්‍යයන් මතුවි ඇත්තේ එවැනි මුලාශ්‍රයන් ගෙනි. මාධ්‍යතන යුගයේ සිට ප්‍රේම වෘතාන්තයන්හි අපුරුව ස්වභාවය ඉහලින් වැජඹුණු අතර නර්ථනය පිළිබද යුගය තුලදී ජාතිකත්වය පිලිබද වීර කාව්‍ය හා දර්ශණාත්මක ප්‍රබන්ධයන් නිර්මාණය විය.රෝමැන්තික වාදය ජනප්‍රිය ජනසාහිත්‍යය සහ චිත්තවේගී සම්බන්ධතා අවධාරණය කල අතර 10 වෙනි ශත වර්ෂයේ දි බටහිර තාත්වික වාදය ස්වභාවිකබව සහ නාට්‍යය ස්වභාවය පිළිබද ගවේෂණයන්ට ද යොමු විය. 20 වන සියවසේ දි නිරූපනය හා සංර්ධනයේ දී සංස්කේත වාදයේ හා මනෝවිද්‍යාත්මක දෘශ්ටින් සදහා ඉල්ලුමක් ඇති විය.

                                     

2. දේශීය සාහිත්‍යයන්

ජාතීන් හට සාහිත්‍යයන් ඇත්තේ සංවිධාන දාර්ශනික අධ්‍යාපන ආයතන හා ඓතිහාසික කාල වකවානු ඇත්තාක් සේය. සාමාන්‍ය පිළිගත් අදහස වනුයේ ජාතියක සාහිත්‍යය එනම් සාහිත්‍යමය කෘතිවල එකතුවෙන් එම ජාතිය සම්පුර්ණ පරිපුර්ණත්වයක් ලබන බවය.

                                     

3. ගුණාත්මක භාවයේ ඇති වෙනස්කම්

සාහිත්‍යයේ හා වෙනත් ලිඛිත කෘතිවල වෙනස්කම් විදහා දැක්විය හැක. සාහිත්‍යමය රචනා හා සාහිත්‍යමය වටිනාකම් මගින් මෙම වෙනස පෙන්විය හැක. උදාහරණයක් ලෙස ඇතමෙක් චාර්ලිස් ඩිකන්ස්ගේ කෘති සාහිත්‍යය යටතේ අඩංගු කළ ද තවත් සමහරෙක් යම් විචාරකයන් ජෙෆ්රි ආචර්ගේ කෘති අව‍තක්සේරු කරති. එයට හේතුව වැරදි ව්‍යාකරණ, වැරදි පද ගැලපීම නොගැලපෙන ලෙස එක්කල කථා මාලාවන් හා ‍පදනමක් රහිත චරිත මේ නවකතා ද මෙලෙස සාහිත්‍යය යන තේමාවට අඩංගු නොවිය හැක.

                                     

4. සාහිත්‍ය තාක්ෂණික ක්‍රම

සාහිත්‍ය තාක්ෂණික ක්‍රම හෝ සාහිත්‍ය උපකරණ පාඨකයා මත විශේෂිත බලපෑමක් ඇති කිරීමට යොදා ගන්නා සාහිත්‍යමය කාර්යයන් විය හැක. යුධමය ක්‍රියාවලි වලින් යුධෝපායන් වෙනස් වන්නාක් මෙන්ම සාහිත්‍ය වර්ග වලින් සාහිත්‍ය තාක්ෂණික ක්‍රම වෙනස් වෙයි.එමනිසා David Copperfield හි සමහරක් අවස්ථා වලදි හාස්‍ය යොදා ගෙන තිබුණත් එය අයත් වන්නේ හාස්‍ය වර්ගයේ නවකතා වකට නොව විකට නව කතාවකටය. Bleak House නවකතාවෙහි ඉතාමත් බහුල ලෙස හාස්‍යය යොදා ගෙන ඇති අතර එමනිසා එය හාස්‍ය නව කතා කාණ්ඩයට ඇතුළත් වෙයි. මේ ආකාරයට තාක්ෂණික ක්‍රම භාවිතය නව සාහිත්‍ය වර්ගයක බිහිවීමට හේතු විය හැකිය. නූතන නවකතා වල ප්‍රථම කතා වලින් එකක් වු සැමුවෙල් රිචඩ්සන්ගේ පැමෙලා මෙයට උදාහරණයක් වන අතර එය ලේඛ්‍යක සිද්ධාන්තය යොදා ගනිමින් ලේඛ්‍යක සම්ප්‍රදාය ශක්තිමත් කරන ලදී. මෙම සම්ප්‍රදාය යම්කාලයක් පුරාවට භාවිතයේ යොදා ගැනුනු නමුත් එම කාලය තුළදී එතරම් පිලිගැනීමක් මෙයට නොලැබුණි.

                                               

ප්‍රක්‍රිට් සාහිත්‍යය

වඩාත් අවධානයට ලක්වන ප්‍රක්‍රිට් භාෂාව වන්නේ පාලිය. අශ්ඝෝෂගේ බොහොමයක් නාට්‍යය ශවුර්සෙනි ප්‍රක්‍රිට් ලියා ඇත. ශවුනි වලින් ලියන ලද තවත් විශාල සාහිත්‍යය අංගයක් වන්නේ කවමංජාරීය. කාලිදාස, හර්ෂ හා හාල් ඔවුන්ගේ සමහරක් නාට්‍යය හා පද්‍යය වලදී මහාරාෂ්ටීය රාකි භාවිතා කරන ලදී. ශෙම්බාර් ජේන්ගේ බොහොමයක් කටයුතුද මහාරාෂ්ට ප්‍රක්‍රිට්වලින් ලියා ඇත. බොහොමයක් නාට්‍ය හා ජේන්ගේ කාර්යන් ආර්ද මගඩි ප්‍රක්‍රිට් මගින් ලියා ඇත.

                                               

පුන්කලස

පුන්කලස සුබ පෙර නිමිත්තක් ලෙස සැලකිය යුතු බව සැලලිහිණි සංදේශයෙහි අැති නළ මුදු සුවද පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුල හෙල කුසුම ලිය පිය තෙපුල රන් කෙඩි සල සුදු සෙමෙර සේසත් ගිජිදුෙනාද වැඩී බල සුබ නිමිති පෙර මග නැකැතටත් වැඩි යන කවියෙන් පැහැදිලි කරයි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →