Back

ⓘ ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම. ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම ..



ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම
                                     

ⓘ ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක-බුදු දහම වර්තමාන උතුරු පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන ප්‍රදේශවල පිහිටා තිබූ ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිය සහ පසුකාලීන ඉන්දු-ග්‍රීක රාජධානිය තුළ වැජඹෙන්නට විය. ග්‍රීක-බුදු දහම උච්චස්ථානයට පත්වූයේ කුෂාණ අධිරාජ්‍යය යටතේ ය. මෙකල ග්‍රීක අක්ෂර මාලාව අනුසාරයෙන් බැක්ට්‍රියානු භාෂාව රචනා කෙරිණි.

නොයෙකුත් බෞද්ධ භික්ෂූන් ධර්ම ප්‍රචාරය සඳහා පිටත්ව යාම සිදු විය. මේ අතරට බෝධිධර්ම, ලෝකක්ෂේම සහ මහාධර්මරක්ෂිත යන භික්ෂූන් අයත් වේ. බෝධිධර්ම චීනයේ සෙන් බුදු දහමේ සහ ජනප්‍රවාදගත ෂඕලින් කුං ෆු සටන් කලාවේ නිර්මාතෘ වශයෙන් සැලකේ. ලොකක්ෂේම ක්‍රි.ව. 178 පමණ භික්ෂුව චීන අගනුවර වූ ලුවෝයැං වෙත ගමන් කොට, පළමුවරට මහායාන බෞද්ධ සූත්‍ර චීන බසට පරිවර්තනය කළේ ය. මහාවංසය පරිච්. XXIX අනුව මහාධර්මරක්ෂිත නම් භික්ෂුවගේ නායකත්වය යටතේ 30.000ක බෞද්ධ භික්ෂූන් පිරිසක් "ඇලසැන්ද්‍රා ග්‍රීක නගරයේ" කොකේසස්හි ඇලෙක්සැන්ඩ්‍රියාව, වර්තමාන ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිට 150 km පමණ උතුරින් සිට පැමිණ ශ්‍රී ලංකාවේ, අනුරාධපුරයේ මහා ස්තූපය වෙත පූජා පවත්වා තිබේ. ග්‍රීක-බැක්ට්‍රීය රජකු වූ Iවන මෙනැන්ඩර්, පාලි: "මිලින්ද"; රාජ්‍ය. ක්‍රි.පූ. 165 - ක්‍රි.පූ. 135 ‍බුදු දහමේ සුප්‍රකට අනුග්‍රාහකයකු වූ අතර, මිලින්ද පැනය නම් බෞද්ධ පාඨය හේතුවෙන් ඔහු අනුස්මරණීය විය.

උතුරු ඇෆ්ගනිස්ථානයේ බල්ඛ්හි පිහිටා තිබූ සුප්‍රකට පර්සියානු ‍බෞද්ධ විහාරය නව විහාර ලෙස හැඳින්වුණු අතර, එය සියවස් ගණනාවක් පුරා මධ්‍ය ආසියානු බෞද්ධ ඉගෙනීම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළේ ය.

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහමේ පරිහානිය ආරම්භ වූයේ 7වන සියවසේ ඉස්ලාමයේ පැමිණීමත් සමග ය. 11වන සියවසේ ඝස්නවිද්වරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් එය ඇෆ්ගනිස්ථානයෙන් තුරන් වී ගියේ ය.

                                     

1. ඉතිහාසය

ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව තුළ පිහිටි භූමිය සියවස් ගණනාවක් පුරා බොහෝ සංස්කෘතික සහ ආගමික විපර්යාසයන්වලට ලක්වූ භූමියක් විය. මැද පෙරදිග, දකුණු ආසියානු සහ මධ්‍ය ආසියානු සංස්කෘතීන්ට මැදිවී පිහිටි භූගෝලීය පිහිටුම සහ සුප්‍රකට සේද මාවතට නැගෙනහිර ආසියානු සහ මධ්‍යධරණී ශිෂ්ටාචාර සම්බන්ධ කෙරුණු ආසන්නව පිහිටීම නිසා, මෙම භූමිය නොයෙකුත් දැවැන්ත ඓතිහාසික සහ සංස්කෘතික ප්‍රගමනයන්ට ලක් විය. ඉන් වඩාත් වැදගත් බලපෑමක් වූයේ මහා ඇලෙක්සැන්ඩර් විසින් මෙම භූමිය ආක්‍රමණය කිරීම හේතුවෙන් එය හෙලනිස්තික ලෝකයට ඇතුළත් වීමයි. මේ නිසා මෙම ප්‍රදේශයේ බෞද්ධාගමික කලාව කෙරෙහි හෙලනිස්තික බලපෑම බෙහෙවින් දක්නට ලැබිණි. ක්‍රි.පූ. 305දී සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයකට එළැඹියේ ය. මෞර්යවරුන් ඉන්දියාවේ සිට බුදු දහම හඳුන්වා දුන් අතර, ක්‍රි.පූ. 185දී පමණ බලය අහිමි වනතෙක්ම ඔවුහු හින්දු කුෂ් ප්‍රදේශයට දකුණින් වූ භූමිය පාලනය කළහ.

ඇලෙක්සැන්ඩර් විසින් මෙම භූමිය ආර්යයන්ගෙන් ලබාගෙන එහි සිය ජනවාස පිහිටුවූව ද, සෙලියුකස් නිකේටර් විසින් එම ප්‍රදේශ සැන්ඩ්‍රොකොටස් චන්ද්‍රගුප්ත හට ලබාදුන්නේ අන්තර්විවාහ සම්බන්ධතා අනුවයි. ඔහුට හස්තීන් 500ක් හිමි විය.

මෙම සංවර්ධනයන් සිදුවූ අවධියේ මෙම භූමියෙන් බොහෝ ප්‍රදේශ බැක්ට්‍රියා සහ සොග්ඩියානා රාජධානිවලට අයත් විය. ඉස්ලාමය පැමිණෙන තෙක්ම සිතියානුවන් ඇතුළු පෂ්ටුන්වරුන්ගේ මුතුන්මිත්තන් විසින් අනුගමනය කරන ලද්දේ බුදු දහමයි.

වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පැවති බෞද්ධ සංස්කෘතියට සාක්ෂි වශයෙන් ස්මාරක බොහෝමයක් හමු වේ. මෙම ප්‍රදේශයේ ග්‍රීක සංස්කෘතික සහ කලාත්මක බලපෑම බෞද්ධ කලාව සහ ග්‍රීක-බුදු දහම යටතේ අධ්‍යයනය කළ හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇෆ්ගනිස්ථානයේ පූර්ව-ඉස්ලාමික හින්දු සහ බෞද්ධ උරුමය සහ ඇෆ්ගනිස්ථානයේ හින්දු ආගම යටතේ හැදෑරිය හැක.

සැසේනියානු පර්සියානු රාජවංශය මුස්ලිම්වරුන්ට නතු වීමත් සමග ක්‍රි.ව. 651දී බල්ඛ් ප්‍රදේශයේ පිහිටි නව විහාරය මුස්ලිම් පාලනයට ක්‍රි.ව. 663දී යටත් විය. නමුත් එය තවත් සියවසක් පමණ ක්‍රියාකාරීව පැවතියේ ය. ක්‍රි.ව. 715දී බල්ඛ්හි ඇතිවූ කෝලාහලයක් අබ්බාසිද් කාලිෆේටය මගින් මර්දනය කිරීමත් සමග, බොහෝ පර්සියානු බෞද්ධ භික්ෂූහු, සේද මාවත ඔස්සේ නැගෙනහිර දෙසින් පිහිටි බෞද්ධ ඛෝටාන් රාජධානිය වෙත පලාගියහ. මෙම රාජධානියේ භාවිත වූ භාෂාව නැගෙනහිර ඉරාන භාෂාවක් වූ අතර, ඇතැම් භික්ෂූන් චීනය වෙත ගමන් කළහ. නව විහාරයේ පාරම්පරික පරිපාලකයින් වූ පර්සියානු බර්මාකිඩ්වරු විහාරය වෙත එල්ල වූ ආක්‍රමණයෙන් පසු බුදු දහම අත්හැර ඉස්ලාමය වැළඳ ගත්හ. අනතුරුව ඔවුන් බැග්ඩෑඩයේ, අබ්බාසිද් කාලිෆ්වරුගේ බලවත් අමාත්‍යවරුන් බවට පත් විය. මෙම අමාත්‍ය පවුල් පෙළපතේ අවසානයා වූ ජෆාර් ඉබ්න් යාහ්යා බොහෝ අරාබි නිසොල්ලාස කථාවල ඇතුළත් චරිතයකි. ජනකථාවල සහ ජෆාර්ගේ ජනප්‍රිය සංස්කෘතිය තුළ ඔහු සම්බන්ධ වන්නේ මිත්‍යාවාදය, මායාවන්, සහ ඉස්ලාමීය විෂයයන්ගෙන් පරිබාහිර සම්ප්‍රදායන් අනුගමනය කළ තැනැත්තකු ලෙසයි.

බෞද්ධාගම උමයියාද්වරුන්ගේ ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමික ආක්‍රමණය සහ අබ්බාසිද් කාලිෆේටයේ පාලනය යටතේ ද පැවතිණි. ඇෆ්ගනිස්ථානයෙන් බුදු දහම තුරන් කර දමන ලද්දේ ආක්‍රමණික සෆාරිද්වරුන්, ඝස්නවිද්වරුන්, සහ ඝූරිද්වරුන් විසිනි.

                                     

2.1. පුරාවිද්‍යා සොයාගැනීම් බාමියන් විහාරයේ පුස්තකාලය

මුල්කාලීන බෞද්ධ ගුරුකුල අතුරින් එකක් වූ, මහාසාංඝික-ලෝකෝත්තරවාද ගුරුකුලය බාමියන් ප්‍රදේශයේ පුම්‍රඛව පැවතී ඇත. චීන බෞද්ධ භික්ෂුවක වූ හියුංසාං ක්‍රි.ව. 7වන සියවසේ දී ඇෆ්ගනිස්ථානයේ බාමියන්හි ලෝකෝත්තරවාද විහාරය වෙත පැමිණ ඇති අතර මෙම ස්ථානය අනාවරණය කර ගැනීමට නූතන පුරාවිද්‍යාඥයන් සමත් වී ඇත. විහාර එකතුවේ තිබූ මහායාන සූත්‍ර ඇතුළත් බර්ච් පොතු සහ පුස්කොළ පොත් සොයාගැනීමට මේ වනවිට හැකියාව ලැබී තිබේ. මෙම ලේඛන වර්තමානයේ ෂෝයෙන් එකතුවේ තබා ඇත. ඉන් ඇතැම් ලේඛන ගාන්ධාරී භාෂාවෙන් සහ ඛරෝෂ්ඨි අක්ෂරවලින් ලියා ඇති අතර, සෙසු ලේඛන සංස්කෘත බසින් සහ ගුප්ත අක්ෂර මාලාව භාවිතයෙන් ලියා තිබේ. විහාර එකතුවේ තිබී සොයාගැනුණු ලේඛන සහ ඒවායේ කොටස් අතර පහත මූලාශ්‍ර පාඨ හඳුනාගත හැක:

  • මහාසාංඝික-ලෝකෝත්තරවාදයේ එන ප්‍රාතිමෝක්ෂ විභංග MS 2382/269
  • සාරිපුත්‍ර අභිධර්ම ශාස්ත්‍ර MS 2375/08
  • අජාතශත්‍රැකව්කෘත්‍යවිනෝදන සූත්‍රය, මහායාන සූත්‍රයකි. MS 2378
  • භෛසජ්‍යගුරු සූත්‍රය, මහායාන සූත්‍රයකි. MS 2385
  • වජ්‍රඡේදිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය, මහායාන සූත්‍රයකි. MS 2385
  • ප්‍රවාරණ සූත්‍රය, මහායාන සූත්‍රයකි. MS 2378
  • ශ්‍රීමාලාදේවී සිංහනාද සූත්‍රය, මහායාන සූත්‍රයකි. MS 2378
  • චංගි සූත්‍රය, ආගම තුළ එන සූත්‍රයකි. MS 2376
  • සර්වධර්මප්‍රවෘත්තිනිර්දේස සූත්‍රය, මහායාන සූත්‍රයකි. MS 2378
  • මහාපරිනිර්වාණ සූත්‍රය, ආගම තුළ එන සූත්‍රයකි. MS 2179/44
                                     

2.2. පුරාවිද්‍යා සොයාගැනීම් බෞද්ධ පුරාවස්තු

2010 අගෝස්තුවේ දී, ඇෆ්ගනිස්ථානයේ කාබුල්වලට දකුණින් වූ ලෝගාර් පළාතෙන් බෞද්ධ පුරාවස්තු 42ක් පමණ අනාවරණය කර ගැනීමට හැකි වූ බැව් වාර්තා විය. පුරාවිද්‍යාඥයන් අනුව මින් ඇතැම් කෞතුක වස්තූන් 2වන සියවසට පමණ අයත් වේ. තවත් බෞද්ධ පුද බිම් ඝස්නියෙන් හමු විය. ලෝගාර්වලින් හමුවූ පුරාවස්තූන් අතර බෞද්ධ විහාර ද්විත්වයක් ස්තූප, බුද්ධ ප්‍රතිමා, සිතුවම්, රන් කාසි සහ වටිනා පබළු ඇතුළත් විය.

මෙහි විහාරයක්, ස්තූප, අලංකෘත කුටි, මීටර හතක සහ නවයක දිගින් යුත් ප්‍රතිමා ද්විත්වයක් ඇතුළු විශාල සහ කුඩා ප්‍රතිමා, රන්වලින් අලංකාර කළ වර්ණවත් සිතුවම් සහ කාසි හමු විය. මින් ඇතැම් පුරාවසුතු ක්‍රි.ව. පස්වන සියවස පමණ පැරණි ය. මෙහි ඇතැම් වස්තූන් ක්‍රිස්වතු වර්ෂයට පෙර යුගයට හෝ ප්‍රාග්ඉතිහාසයට අයත් යැයි සැලකිය හැකි සලකුණු ද අපට හමු විය. මේවා සංරක්ෂණය කිරීමට සහ වැඩිදුර කැනීම් කටයුතු සඳහා විදේශ සහාය සහ ඔවුන්ගේ විශේෂඥ උපකාර අපට අවශ්‍ය ය.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →