Back

ⓘ ඉන්දියාවේ අධ්‍යාපනය රාජ්‍ය පාසල් හා පෞද්ගලික පාසල් මගින් ලබා දෙනු ලැබේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ පනත් යටතේ, අවුරුදු 4ත් 6ත් අතර වයස් සීමාවේ පසුවන ..



                                               

කරිශ්මා කපූර්

බොලිවුඩ් නිළි කරිශ්මා කපූර් 1974 ජූනි මස 25 වැනි දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍රහිදී උපත ලැබූ අතර "ලොලෝ" යන සුරතල් නාමයෙන් ඇයව කුඩාකල හැඳින්විණි. 1991 වර්ෂයේදී සිනමාවට පා තැබූ කරිශ්මා, ඇගේ කාලයේ තරු අතර ඉහළම ජනප්‍රියත්වයක් දිනා ගත්තාය. ඇය, ඇගේ සිනමා දිවිය තුළ වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක විය. මේ අතරින් "රාජා හින්දුස්තානි" වැදගත් ස්ථානයක් ගත් අතර එය වාණිජමය අතින් අතිශය සාර්ථක වූ නිර්මාණයකි. මේ වෙනුවෙන් ඇය "හොඳම නිළිය" වෙනුවෙන් පිරිනමන ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගත්තාය. ඇය 1997 වර්ෂයේදී "දිල් තෝ පාගල් හේ" චිත්‍රපටය වෙනුවෙන් "හොඳම සහාය නිළිය" ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයද, "හොඳම සහාය නිළිය ...

ඉන්දියාවේ අධ්‍යාපනය
                                     

ⓘ ඉන්දියාවේ අධ්‍යාපනය

ඉන්දියාවේ අධ්‍යාපනය රාජ්‍ය පාසල් හා පෞද්ගලික පාසල් මගින් ලබා දෙනු ලැබේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ පනත් යටතේ, අවුරුදු 4ත් 6ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන්ට නිදහස් හා අනිවාර්ය අධ්‍යාපනය, මූලික අයිතියක් ලෙස ලබා දෙනු ලැබේ. ඉන්දියාවේ රාජ්‍ය පාසල් සහ පෞද්ගලික පාසල් අතර දළ අනුපාතිකය 7:5 කි.

ඉන්දියාව, ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමේ දී ශීඝ්‍ර ප්‍රගතියක් අත් කර‍ගෙන ඇත. 2011 දී, දළ වශ‍යෙන් අවුරුදු 7ත් 10ත් අතර වයස් සීමාවේ පසුවන ජනගහන‍යෙන් 75% ක් සාක්ෂරතාවෙන් යුක්ත විය. ඉන්දියාවේ වැඩි දියුණු කරන ලද අධ්‍යාපන පද්ධතිය එරට ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන ලෙස දායක වනු දක්නට ලැබේ. සුවිශේෂි ලෙස, උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතියෙන් වැඩි ගෞරවයක් විවිධ රාජ්‍ය ආයතන වලට හිමි‍ වනු ඇත. 2013 දී 24%ක දළ බඳවා ගැනීමේ අනුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුපාතිකයකට ළඟා වෙමින්, පසුගිය දශකය තුළ උසස් අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමේ ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී ඇති නමුදු සංවර්ධිත රටවල තෘතියික අධ්‍යාපන බඳවා ගැනීම් මට්ටම්වලට ළඟා වීමට සැලකිය යුතු දුරක් තවමත් ඉතිරි ව පවතින අතර සංසන්දනාත්මක ලෙස ඉන්දියාවේ තරුණ ජනගහනයෙන් ජන විකාශන බෙදීම් අඛණ්ඩව අත්පත් කර ගැනීම සඳහා මෙම අභියෝගය ජය ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.

ප්‍රාථමික හා ද්විතියික මට්ටම්වල දී, ඉන්දියාව සතුව රජයේ පාසල්වලට අනුපූරකව පවත්වාගෙන යනු ලබන අතිවිශාල පෞද්ගලික පාසල් පද්ධතියක් පවතින අතර අවුරුදු 6 සිට 14 දක්වා වයස් කණ්ඩායමේ පසුවන්නන්ගෙන් 29% ක සිසුන් ප්‍රමාණයක් පෞද්ගලික අධ්‍යාපනය හදාරති. ඉන් ඇතැම් පශ්චාත් ද්විතියික තාක්ෂණික පාසල් ද පෞද්ගලික ඒවා වේ. 2008 දී ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපන වෙළඳපොළ සඳහා ඇ.ඩොලර් මිලියන 450 ක ආදායමක් තිබුණු නමුත් එය ඇ.ඩොලර් බිලියන 40 ක් ලෙස පුරෝකථනය කර ඇත.

2012 අධ්‍යාපන වාර්තාවේ වාර්ෂික තත්ත්වය ASER අනුව, අවුරුදු 6ත් 14ත් අතර වයසේ පසුවන මුළු ගම්බද දරුවන්ගෙන් 96.5% ක් පාසලට ඇතුළත් වන ලදී. මෙය 96% ක ඉහළ ඇතුළත් වීම් ප්‍රමාණයක් වාර්තා කරනු ලබන සිව්වන වාර්ෂික සමීක්ෂණය යි. ඉන්දියාව, මෙම වයස් කාණ්ඩයට අයත් සිසුන්ගේ 95% ක සාමාන්‍ය බඳවා ගැනීම් අනුපාතිකයක් වර්ෂ 2007 සිට 2014 දක්වා කාලය තුළ පවත්වාගෙන යාමට සමත් ව ඇත. 2018 අධ්‍යන වර්ෂයේ දී වයස අවුරුදු 6ත් 14ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මුළු සිසුන් ප්‍රමාණයෙන් පාසල් අධ්‍යාපනය සඳහා ඇතුළත් නොවූ ප්‍රමාණය 2.8% ක් දක්වා අඩු වී ඇත ASER. 2013 වාර්තාවේ සඳහන් වන ආකාරයට 1 සිට 12 පන්ති දක්වා, 2002 මුළු බඳවා ගැනීම් වලට වඩා ලක්ෂ 23 ක සිසුන් ප්‍රමාණයක වර්ධනයක් නියෝජනය කරමින් ඉන්දියාවේ නොයෙකුත් පිළිගත් නාගරික පාසල් හා ග්‍රාමීය පාසල් සඳහා මිලියන 229 ක සිසුන් ප්‍රමාණයක් ඇතුළත් වූ අතර එහි, ගැහැණු ළමුන් ඇතුළත් වීමේ 19% ක වර්ධනයක් ද දක්නට ලැබුණි. ප්‍රමාණාත්මක ලෙස, ඉන්දියාව විශ්වීය අධ්‍යාපනයේ ආසන්නයට ළඟා වෙමින් සිටින මොහොතේ රාජ්‍ය පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පිළිබඳ සුවිශේෂී ප්‍රශ්නයක් පැන නැගී ඇත. 95 ක ප්‍රතිශතයකට වැඩි සිසුන් ප්‍රමාණයක් ප්‍රාථමික අධ්‍යාපනය ලබන විට ද්විතියික අධ්‍යාපනය 9-12 ශ්‍රේණි ලබනුයේ නව යෞවනයින්ගෙන් 40 ක ප්‍රතිශතයක් පමණි. 2000 සිට ඉන්දියාවේ අධ්‍යාපනය සඳහා ලෝක බැංකුව ඩොලර් බිලියන 2 ට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත. එලෙස ගුණාත්මකභාවයෙන් අඩු වීම සඳහා බලපා ඇති ඇතැම් හේතූන් වන්නේ, ගුරුවරුන්ගෙන්ආසන්න ලෙස 25% ක පමණ ප්‍රමාණයකගේ දිනපතා නොපැමිණීම යි. එවැනි පාසල් හඳුනා ගැනීමට හා දියුණු කිරීම සඳහා ඉන්දීය රාජ්‍ය, පරීක්ෂණ හා අධ්‍යාපනික ඇගයීම් ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී ඇත. ඉන්දියාවේ පෞද්ගලික පාසල් පැවතිය ද, ඔවුන් හට ඉගැන්විය හැක්කේ කුමක් ද, කුමන ස්වරූපයකින් ක්‍රියාත්මක කළ හැක්කේ ද යන්න,

පවත්වාගෙන යනු ලබන ඕනෑම පිළිගත් අධ්‍යාපනික ආයතනයක්, ලාභ නොලබන්නක් විය යුතුය සහ මෙහෙයුමේ අනෙකුත් අංගවලට අදාළ ව ඉහළින් නියාමනය වන ලදී. එමනිසා රාජ්‍ය පාසල් හා පෞද්ගලික පාසල් අතර ප්‍රභේදනය නොමග යවන සුළු විය හැකි ය.

12 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටින සිසූහු සාමාන්‍යයෙන් අනිවාර්ය ලෙස ඉංග්‍රීසි හෝ දේශීය භාෂාව ද ඇතුළු ව විෂයන් හතරක් හෝ පහක් තෝරා ගනිති. බොහෝ ද්විතියික පාසල්වල 10 වන ශ්‍රේණියෙන් පසු, ඉංග්‍රීසි හෝ දේශීය භාෂාවට අමතර ව "මූලික ධාරාවක්" තෝරා ගැනීමේ වරණය හිමි කර ගැනිම සඳහා සිසූහු නැවත ලියාපදිංචි වෙති. විද්‍යාව, වාණිජ්‍යය, හෝ මානව ශාස්ත්‍රය. සිසූහු 12 ශ්‍රේණියේ දී, තනි විචල්‍ය ගණනය කිරීම් දක්වා ගණිතය හදාරති.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →