Back

ⓘ බුදු දහම සහ බුද්ධාගම - ඉරානයේ බුදු දහම, පාකිස්ථාන‍යේ බුදු දහම, ශ්‍රී ලංකාවේ බුද්ධාගම, බංගලාදේශයේ බුදු දහම, ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම, බුදු දහම, ‍බුද්ධාගම ..



                                               

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු රාජධානිවලින් පැමිණි තැනැත්තන් විය.

                                               

පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ" සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉන්දු-ග්‍රීක රාජධානිය, කුෂාණ අධිරාජ්‍යය සහ පුරාතන ඉන්දියාව තුළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු යටතේ සහ පාල අධිරාජ්‍යය යටතේ බුදු දහම සමෘද්ධිමත් විය. වර්තමාන පාකිස්ථාන භූමියට පන්ජාබ් ප්‍රදේශයේ සහ ඉන්දු ගංගා නිම්න සංස්කෘතීන් ද අයත්ව තිබිණි. තක්ෂිලාවේ විසූ බෞද්ධ විද්වතකු වූ කුමාරලබ්ධ නම් තැනැත්තා ආර්යදේව, අශ්වඝෝෂ සහ නාගාර්ජුයන භික්ෂූන් සේම වැදගත් පුද්ගලයෙකි. ...

                                               

ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙඑන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී. දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු ...

                                               

බංගලාදේශයේ බුදු දහම

බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා, මර්මා, තන්චන්ග්‍යා, සෙසු ජුම්මා ජනයා සහ බරුවා යන ජනයාගේ බහුර ආගම වන්නේ ද බුදු දහමයි. සෙසු 35%ක බෞද්ධ ජනහගහනය බෙංගාලි බෞද්ධ ප්‍රජාවගෙන් සමන්විත ය. බෞද්ධ ප්‍රජාව බංගලාදේශයේ ජනාකීර්ණ ප්‍රදේශ වන චිතගොං සහ ධකා ප්‍රදේශවල දක්නට ලැබේ.

                                               

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක-බුදු දහම වර්තමාන උතුරු පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන ප්‍රදේශවල පිහිටා තිබූ ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිය සහ පසුකාලීන ඉන්දු-ග්‍රීක රාජධානිය තුළ වැජඹෙන්නට විය. ග්‍රීක-බුදු දහම උච්චස්ථානයට පත්වූයේ කුෂාණ අධිරාජ්‍යය යටතේ ය. මෙකල ග්‍රීක අක්ෂර මාලාව අනුසාරයෙන ...

                                               

බුදු දහම

පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්, එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

                                               

‍බුද්ධාගම

බුද්ධාගම සහ බුදු දහම /බුද්ධ ධර්මය බොහෝ අවස්ථාවලදී සාමාන පද ලෙස භාවිතා කලද සියුම්ව ගත්කල වෙනස් තේරුම් දෙයි. බුදු දහම බුදුනු වදාල හෝ අනුමත කල ධර්මයයි. එය ලොවටම පොදු අකාලික ධර්මයකි. බුද්ධාගම යනු බුදු දහම සහ බුදු දහම යම් සමාජයක ඇතිවන විට පැවති සිරිත්, පුද පූජා මත බිහිවුන ආගමික මත සහ සම්ප්‍රදායන් වේ. මෙය රට හෝ ජන වර්ගය මත වෙනස්වන අතර කාලය සමග වෙනස්වීමට බඳුන්වේ. නිදසුන්: ටිබෙට් බුද්ධාගම තායි බුද්ධාගම දුටුගැමුණු බුද්ධාගම කාම්බෝජ බුද්ධාගම ඔල්කට් බුද්ධාගම

සුඛාවතී බුදු දහම
                                               

සුඛාවතී බුදු දහම

සුඛාවතී බුදු දහම, හෙවත් ඉංග්‍රීසි බසින් Amidism ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ආසියාව පුරා වඩාත්ම පුළුල් ලෙස අනුගමනයට ලක්වූ මහායාන බුද්ධාගමේ ශාඛාවකි. සුඛාවතී බුදු දහම යනු අමිතාභ බුදුන් වහන්සේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමුකෙරෙන බෞද්ධ ඉගැන්වීම් සම්ප්‍රදායයකි. මෙම සම්ප්‍රදායයෙහි මූලික සූත්‍ර ත්‍රිත්වයක් වන අතර ඒවා "ත්‍රිත්ව සුඛාවතී සූත්‍ර" ලෙස හැඳින්වේ. එම සූත්‍රයන් වන්නේ දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය, කෙටි සුඛාවතීව්‍යූහ සූත්‍රය සහ අමිතායුර්ධ්‍යාන සූත්‍රය වේ.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →